IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

 

(රවී ලියනගේ)
 
ගාල්ල සහ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් 19 අසාධිතයින්ගේ ප්‍රමාණයන් සලකා බලා රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොවිඩ් 19 හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටකටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ වෛද්‍ය කන්චිත සමරසේකර මහතා පවසයි.
 
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම අධ්‍යාපන විද්‍යා පීඨය ආරක්ෂක හමුදාව විසින් පවරාගෙන නිරෝධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබුණි. කෙසේ නමුත් පවතින අනපේක්ෂිත තත්වයන් හමුවේ විද්‍යා පීඨය හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත් පත්කිරීමට ඇති පහසුකම් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් අද (30) එහි ගොස් සොයා බලා ඇත.
 
එම හුදෙකලා රෝහලට අවශ්‍ය කරන පහසුකම්, ආහාර පාන ලබාදීම් ලබාදීම් ආරක්ෂක අංශ විසින් දිගටම සිදුකරන බව විද්‍යා පීඨය ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර අද (30) සවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 65ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොවිඩ් 19 මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව අම්බලන්ගොඩ 01, බද්දේගම 02, බලපිටිය 31, ඉඳුරුව 03, බෝපේ පොද්දල 04, ඇල්පිටිය 02, ගාල්ල නගරය 04, හබරාදුව 01, ඉමදුව 01, කරන්දෙණිය 05, නාගොඩ 02,නෙළුව 01, රත්ගම 07, තවලම 01 ආදී වශයෙන් ආසාධිතයින් වාර්තාවී ඇති බවද මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site