
(සුමතිපාල දීයගහගේ)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී.බී මැටරි මහතා අද (02) ගාල්ල ලබුදූවේ පිහිටි දක්ෂිණපායේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා හමුවී සුහද සාකච්චාවක නිරතවිය.
එහිදී දකුණු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම , කසල කළමනාකරණය කිරීම , කෘෂි කර්මාන්තය හා කර්මාන්ත ප්‍රවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දියුණු කිරීම යන කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාව අවසානයේදී දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුවිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.