IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රිය ගසක වැදී රියදුරු මරුට

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා කඳවුරක් ආසන්නයේදී අද (27)  වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

කොඩිකාමම් සිට මිරුසුවිල් ප්‍රදේශයට අලුයම 3ට පමණ  වෑන් රථය ධාවනය වූ අවස්ථාවේදී අධික වේගයකින් ගොස් එහි වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යුදහමුදා කඳවුරක් ඉදිරිපිට තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපලකර සිටියි.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර අනතුරින් රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුමාරසිංහම් ගජීපන් නැමති 27 හැවිරිදි අයෙකි.

අපරික්ෂාකාරී රය ධාවනය මෙම අනතුරට හේතුව බවටත් මිය ගිය අයගේ මෘත ශරීරය කොඩිකාමම් රෝහලට රැගෙන ගොස් ඇති අතරම අනතුරින් වෑන් රථයටද බරපතල හානි සිදුව ඇතැයි පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

             

 



අදහස් (0)

රිය ගසක වැදී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 159 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site