IMG-LOGO

රිය අනතුරින් තුවාල වූ කතට උපකාර කරන මුවාවෙන් අතවර කළ රියදුරු දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රිරෝද රථයක ගැටී අනතුරට  පත් වූ 23 හැවිරිදි තිදරු මවකට  පිහිටවන මුවාවෙන්  රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය  ඇට විල පාර   වෙල්යායක් අසලදී  මන්නයක් එල්ල කර මරණීය තර්ජනය කරමින්  ලිංගික අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු  අද   (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුරු පොලීසිය කියයි.

එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන එක් දරු පියෙකි.

වාද්දුව ප්‍රදේශයේ  ආයතනයක සේවය කරන මෙම කාන්තාව  ඊයේ  (27) රාත්‍රී සේවය නිමවා  ත්‍රිරෝද රථයකින් කළුතර උතුර  නාගස් හංදිය වෙත පැමිණි  එම ත්‍රිරෝද රථයෙන් බැස ඇතැයි ද, අනතුරුව නිවස කරා පාගමනින් යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී බිම වැටී තුවාල සිදුවී ඇතැයිද පොලිසිය කියයි. එම ත්‍රිරෝද රථය  අනතුරින් පසු පලා ගොස් ඇති අතර  බිම වැටී සිටි  එම කාන්තාව  අසල තිබූ තාප්පයක වාරුවෙන් අමාරුවෙන් නැගිටින අයුරු දුටු  යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයේ නවතා ඇයට රෝහල්ගත වන ලෙස  දැනුම් දී තිබු බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී  අසළ වෙළඳ සැලක් ඉදිරිපිට සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු  වහා ඉදිරිපත් වී ඇය  නාගස් හංදිය ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් සාප්පුවක් වෙත  රැගෙන ගොස් ඇති අතර ඇය පරීක්ෂා කළ එහි වෛද්‍යවරයා එයට නාගොඩ රෝහලට ඇතුලත්  වන ලෙස උපදෙස් ලබා දී ඇත. ත්‍රිරෝද රථ රියැදුරු  ඇයව නාගොඩ  රෝහල කරා රැගෙන ගොස් ඇති අතර  බාහිර රෝගී අංශය වෙත යොමු කළ ඇයට  රෝහලට ඇතුළත් වෙන ලෙස  උපදෙස් ලබා දී තිබේ.නිවසේ කුඩා දරුවන්  සිටින හෙයින්  ඇය එයට  අකමැත්ත ප්‍රකාශ කර,ත්‍රිරෝද රථ රියදුරාට පවසා ඇත්තේ නිවසට ඇරලවන ලෙස ය.ඒ අතරතුර  එම කාන්තාව ස්වාමි පුරුෂයාට මේ බව දන්වා කළුතර ප්‍රදේශයේ පාසලක් අසලට  පැමිණ සිටින ලෙසත්  රෝහලින් පිට වී ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට  පැමිණෙන බවත් දැනුම් දී ඇත.

රෝහලින් පිට වූ ත්‍රිරෝද රථය  සැමියා සිටින දෙසට නොව වෙනත්  දිශාවකට  ගමන්  කරන අයුරු දුටු එම කාන්තාව  ඒ පිළිබඳ රියැදුරුගෙන් විමසීමේදි ඇගේ ජංගම දුරකථනය ඉල්ලාගත් සැකකාර රියදුරු  ඇයගේ  සැමියාට  කතාකර එම ස්ථානයට වී සිටින ලෙස දැනුම් දී ඇත. කාන්තාවගේ සැමියා ඉන්න ස්ථානයට ඉතාම ළඟ බව පවසා පැයකට අධික කාලයක් අතුරු මාර්ග ඔස්සේ ගමන් ගත් මෙම සැකකාර ත්‍රිරෝද රථ රියදුරු කළුතර දකුණ කොළණිය ඇට විල පාර  පාළු වෙල්යායක් අසල ත්‍රිරෝද රථය නවතා මන්නයක් අතට ගෙන ඇය දෙසට එල්ල කර මරණය තර්ජන  එල්ල  කර අතවර කර තිබේ.  අනතුරුව එම කාන්තාව එම ස්ථානයේ දමා ඇයගේ ජංගම දුරකථනය ද රැගෙන  සැකකරු ත්‍රිරෝද රථය ගෙන අඳුරේම පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

කාන්තාව වෙළෙඳ සැලක් අසලට ගොස් එහි සිටි කාන්තාවකට ඇයට සිදු  වූ අනපේක්ෂිත  කරදරය පැවසීමෙන් අනතුරුව එම කාන්තාව විසින්  අතවරයට  පත් කාන්තාවගේ සැමියාට ඒ බව දන්වා ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන එම ඇය බාරදී ඇතැයි පොලිස් නිලධාරිනියක් පැවසුවාය.සැමියා සමඟ කළුතර දකුණ පොලිසිය වෙත පැමිණි එම කාන්තාව ඇයට වූ අතවරය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල කරා ඇතුළත් වූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර-උතුරු පොලීසියේ නිලධාරීන් විශේෂ පැමිණිල්ලක් සේ සලකා පැය කිහිපයක් තුළදී සීසීටීවී දර්ශන ඔස්සේ  සිදුකළ විමර්ශනකින්  අනතුරුව  සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (1)

රිය අනතුරින් තුවාල වූ කතට උපකාර කරන මුවාවෙන් අතවර කළ රියදුරු දැලේ

ගාමිණී Wednesday, 30 December 2020 03:50 AM

මෙම මවට කළ අකටයුත්තට උපරිම දඬුවම් ලබා දෙන්න. මිනිසුන් ලෙසින් ජීවත්වන තිරිසන් මිනිසෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site