IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරින් තරුණයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිලියන්දල  කැස්බෑව  මාකන්දන ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරු පැදියක් අද (4 )පෙරවරුවේ  මුහුණට මුහුණ ගැටීමෙන්  යතුරුපැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට පාර  ප්‍රදේශයේ පදිංචිව සිටී නුවන්  සම්පත්  නැමැති  25 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා යතුරුපැදියෙන් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙමින් සිටියදී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ජීප් රථය මාකන්දන ප්‍රදේශයේ  දී එකවරම මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් යතුරු පැදියේ ගැටි  අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදු වූ වහාම එම ස්ථානට එක්රැස් වූ ප්‍රදේශවාසීන්  ජීප් රථයට යතුරු පැදියත් සමඟ   යට වී සිටී තරුණයාව ජීප් රථය උඩට උස්සා පිටතට ගෙන රෝහල් ගත කර තිබූ අතර ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරෙන් යතුරු පැදියට  ද බරපතළ  අලාභ සිදු වී ඇත.

ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

 



අදහස් (0)

රිය අනතුරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site