(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙහිඅත්තකණ්ඩිය අරලංගවිල මාර්ගයේ බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් අම්පාර මූලස්ථාන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන දොන් නීල් උපේන්ද්‍ර කලුආරච්චි නැමැති පුද්ගලයෙකි.
මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචි ඔහු නිවාඩු අවසන් කර අද දින නැවත සේවයට වාර්තා කිරීමට අම්පාර ප්‍රදේශයට තම වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල වූ ඇලට වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට බැදී සේවය ආරම්භ කල මෙම නිලධාරියා දිවයිනේ පොලීසි කිහිපයක සේවය කර ඇති අතර කලක් ගලහ පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ.
ගලහ පුෂ්පදාන විද්‍යාලය ගලහ භද්‍රවතී විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විදුහලේ කැපී පෙනුන ශිෂ්‍යයකු වූ මොහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුද වේ.
මියයන විට වයස අවුරුදු 43 පසුවූ මොහු දියණියන් තිදෙනෙකුගේ පියෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
732
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට