(ක.ග.කරුණාරත්න)
බකමූණ ලග්ගල ප්‍රධාන මාර්ගයේ යාය 06 ප්‍රදේශයේදී පයින් ගමන් කරමින් සිටි අයෙකු ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද(13) මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ ඇලහැර ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කල බකමූණ,යාය06 පදිංචිව සිටි අමරසේකර මුදියන්සේලාගේ රත්නායක නැමැති 56 හැවිරිදි අයෙකි.
අවිවාහක පුද්ගලයෙකුවූ ඔහු සිය වයෝවෘද්ධ මවද රැක බලා ගනිමින් ජීවිකාව කරගෙන ගොස් තිබෙන බව අනාවරණය විය.
හෙතෙම සිය දවසේ මෙහෙවර නිමවා ආපසු සිය නිවෙස බලා යමින් සිටියදී මෙලෙස යතුරු පැදියේ ගැටී බරපතල තුවාල ලබා බකමූණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා සිටියදී එහිදී මිය ගොස් ඇතිබව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
අනතුරට ලක්වූ යතුරු පැදියේ පැදිකරුද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කලේය.
අනතුරින් මිය ගිය අයගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(13)දිනයේ පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇතැයිද පොලීසිය කීය.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට