IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව පිළියන්දල මාර්ගයේ සිද්ධමුල්ල ප්‍රදේශයේදී කොන්ක්‍රීට් මිශ්‍රණය සහිත ලොරි රථයකට යට වී යතුරුපැදිකරුවෙකු අද (10)  මියගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පිලියන්දල සිද්දමුල්ල පදිංචි ආනන්ද සරත්  කරුණානායක (67) පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා කොට්ටාව දෙස සිට පිලියන්දල දෙසට යතුරුපැදියක  යමින් සිටියදී එම දෙසටම ධාවනය වෙමින්  තිබූ  කොන්ක්‍රීට් මිශ්‍රණය සහිත ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි .

අනතුරෙන් ලොරි රථයේ පිටුපස රෝදයට පැදිකරු යට වීමෙන් එම ස්ථානයේදීම  මියගොස් ඇති අතර සිරුරේ කොටස් එළියට නෙරා ඇති අයුරු දක්නට තිබූ තිබූ බව පැවසේ .

අනතුරෙන් පසුව ලොරි රථයේ රියැදුරු ලොරි රථය එම ස්ථානයේ දමා පලා ගොස් කොට්ටාව පොලිසියට භාර වී ඇති අතර පසුව ඔහු පිලියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පැවසේ .

සැකකරු කැස්බෑව අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site