IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරකින් ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් මරුට

(කේෂර ගුණතිලක)

බිබිල-මොනරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී අද (16) අලුයම පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදිකරු වූ  පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ ඇමති ආරක්ෂක සේවයේ කොළඹ මූලස්ථානයේ සේවය කළ, බිබිල නන්නපුරාව දෙකේ කණුව අසල පදිංචි පොලිස් කොස්තාපල් 7638 බලපිටියලියනගේ ධනුෂ්ක කුමාර පියදාස (35) නැමති දෙදරු පියෙකි.

හෙතෙම කොළඹ සේවා ස්ථානයේ සිට නිවාඩු ලබා සිය යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී බිබිල-මොනරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී කතරගම සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක ඉදිරිපස ගැටී ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා බිබිල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බස්රථය සමඟ එහි රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

රිය අනතුරකින් ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site