IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රැඳවියකුගේ සහයෙන් කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

( ඔගස්ටින් ප්‍රනාන්දු)                  

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුගේ සහයෙන්  මත්ද්‍රව්‍ය  ජාවාරමේ නියැලුණු  පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු  සමග  අද (18) නාත්තණ්ඩිය ගඩොල්ගොඩවත්ත ජනහිත ගම්මානයේ දි අත් අඩංගුවට ගත්  බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.

සැකකරු කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම ඉතාමත්ම රහසිගතවය පවත්වා  ඇතැයිද හදිසියේ ලද තොරතුරක් අනුව අද (18දා) අලුයම් කාලයේ දි විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් ජනහිත ගම්මානයේ කිතුණු ප්‍රතිමාව අසල සැගව සිට  සගවා තිබු කුඩා පාර්සලයක් කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙසින්  රැගෙන යන අවස්ථාවේ දි  අත්අඩංගුවට ගත් බව පොලීසිය  සඳහන් කරයි.

සැකකරුව සතුව තිබී  හෙරෝයින් මත්කුඩු ග්‍රැම් 10 ක් තිබි සොයා ගත් බවත් පොලිසිය කියයි.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අයෙකු විසින් සිය තැරැව්කරුවෙකු මගින් මෙම මත්කුඩු එවා තිබී අතර මෙම ජාවාරම ඒ අයුරින් කාලයක සිට කර ගෙන යමින් සිටි බවත් අනාවරණය කර ගෙන  ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

රැඳවියකුගේ සහයෙන් කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site