(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් නැවත දැනුම් දෙන තුරු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට පමණක් ලබාදීම සිදුකරනු ලැබේ.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ආශ්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගීත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට කටයුතු කරන බව කමිටුව තීරණය කෙරිණි.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසුවේ
රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1506ක් නිරෝධායනයට ලක්කර ඇති බවයි.
ඔවුන් අතරින් 1129ක් කොරෝනා අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණි අය බවත් 137 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වන අය බවත් කීවේය. එසේම 240ක් කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන අයගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවද කෝනාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රත්නපුර පුස්තකාල-ළමා උද්‍යාන වහයි