IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රත්නපුරේට මී උණ අවදානමක්

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මී උණ රෝගය පැතිරයාම සැලකියයුතු අන්දමින් ඉහළ ගොස් පුද්ගල මරණ පහක් වාර්තාවී ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා  පැවසීය.

රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඔහු පැවසුවේ මේ වසර තුල රත්නපුර දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 19න් මීඋණ රෝගීන් 344ක් වාර්තාවී ඇති බවයි.

පැල්මඩුල්ල, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇලපාත යන සෞඛ්‍ය වෛදද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මී උණ මරණ පහ වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.

පසුගිය වසර කිහිපයකම වැඩිම මී උණ රෝගීන් වාර්තා වූ දිස්ත‍්‍රික්කය රත්නපුර දිස්ත‍්‍රික්කය බව ද වෛද්‍ය කෝණාර මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය වෛදද්‍ය නිලධාරී කොට්ඨාස අනුව වැඩිම මීඋණ රොගීන් ගණන වූ 35ක් බළන්ගොඩින් වාර්තාවූ බවද ඔහු සදහන් කළේය.

පැල්මඩුල්ලේ 33,  ඉඹුල්පේ 29,  කොලොන්න 28, ඇහැලියගොඩ සහ වැලිගෙපොල 26 දෙනා බැගින්ද, ඇලපාතින් 23ක් ද, ගොඩකවෙලින් 20ක් ද, කුරුවිට සහ කලවානෙන් 18 දෙනා බැගින් ද, රත්නපුර ප‍්‍රාදේශීය සභා කොට්ඨාසයෙන් සහ කහවත්තෙන් 14 දෙනා බැගින් ද, ඇඹිලිපිටියෙන් 13ක් ද, නිවිතිගලින් 11ක් ද,  ඕපනායක සහ උඩවලවෙන් 10 දෙනා බැගින් ද, කිරිඇල්ලෙන් 07ක් ද, අයගමින් 05ක් හා රත්නපුර මහ නගරසභා කොට්ඨාසයෙන් 04 ක් ලෙස එම 344 දෙනා සමන්විත බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සදහන් කළේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මී උණ රෝගයට ගොදුරුවු රෝගීන් සම්බන්‍ධයෙන් කළ විමර්ශනයකදී 99%ක් මඩ ආශ‍්‍රීතව ගැවසී ඇති පුද්ගලයන් බව තහවුරු වී ඇති බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසුවේය. එහෙත් නිතරම මඩ ආශ‍්‍රිතව කටයුතු කරන ගොවීන් සහ පතල් කම්කරුවන් මී උණට ගොදුරු වී ඇත්තේ 40%ක් බව කී වෛද්‍ය කෝණාර මහතා 60%ක් අහඹු ලෙස මඩ සහිත පරිසයට ගිය පුද්ගලයන් මී උණට ගොදුරුවී ඇති බව සදහන් කළේය.

වෙල්වල සරුංගල් යවන දරුවන්, ගංවතුර කාලයේ ගංවතුර බැසිගිය පසු නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, කැලෑබද ප‍්‍රදේශවල පුහුණුවීම් කරන යුද හමුදා සහ පොලිස් නිලධාරීන්, කොහිල සහ කීර කොටුවල අස්වැන්න නෙලීමට යන පුද්ගලයින් සහ කාණු පවිත‍්‍ර කරන කම්කරුවන් වැනි පිරිස් මී උණ රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ ඇති බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා අවධාරණය කළේය.

මඩ සහිත පරිසරයක කිසියම් කටයුත්තක නිරතවීමෙන් පසු උණ හෝ තදබල මස්පිඩු වේදනාව ඇත්නම් පළමු දිනයේ ද සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් ප‍්‍රතිකාර ප‍්‍රතිකාර ලබාගත යුතු බව ද කීවේය. උණ නොමැතිව ම්ුපිඩුවල තදබල වේදනා ඇත්නම් ද එසේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත අනිවාර්යෙන් යොමුවන්නැයි ද වෛද්‍ය කෝණාර මහතා ඉල්ලීමක් කළේය.

 

 



අදහස් (0)

රත්නපුරේට මී උණ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site