( රෝහණ සමරවීර)
උඩවලව ආඳොඑව කැකුනවත්ත ප්‍රදේශයේ රජයේ වන වගා රක්‍ෂිතයක නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා වගාවක් වටලා එම ගංජා ගස් ගලවා දින ගිනි තබා විනාශ කළ බව උඩවලව පොලිසිය කියයි.
අක්කර භාගයක පමණ ප්‍රමාණයක එම ගංජා වගාව සිදුකර තිබුණු බවත් අඩි දහය දොළහ වැනි උස ප්‍රමාණයන්ට එම ගස් වැඩී තිබුණු බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු පැවැසූහ.
එම ගංජා වගාව තුළ ටැංකි ඉදිකර එම ටැංකි වලට වැසි ජලය ලබාගෙන එම වැසි ජලය ප්‍රයෝජනයට ගනිමින් ගංජා වගාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි.
එම ගංජා වගාව සිදුකර තිබූ ස්ථානයේ දිගින් දිගටම ගංජා වගාව සිදුකර ඇති බවට සාදක දකින්නට ලැබුණු බවත් විනාශ කළ ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්‍ෂ විස්සක් පමණ වියහැකි බව පොලිසිය සදහන් කළාය.
කිලෝ මීටර් තුනක පමණ දුරක් පා ගමනේ ගොස් එම ස්ථානය වැටලුවද ඒ වනවිට සැකකරුවන් එහි දකින්නට නොසිටි බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රක්ෂිතයක ගංජා හේනකට ගිනි තියයි