IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යාල තුන කලාපයේ ගංජා හේනක් ගිනි තබා විනාශ කරයි


 

(එම්.කේ. නන්දසේන)
 
යාල ජාතික වනෝද්‍යානයේ තුන්වන කලාපයේ ගල්ගේ වනජීවී පිවිසුම් දෙරටුව සීමාවේ සිට කිලෝමීටර් 30 ක් පමණ නැගෙනහිර දෙසට වන්නට ඉතා සරුවට වගාකර තිබූ අක්කර තුන්කාලක පමණ වපසරියකින් යුත් ගංජා හේනක් වනජීවී නිලධාරීන් දින දෙකක් තිස්සේ සිදුකළ වැටලීමක දී ගිනි තබා විනාශ කළ බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්දුජිත් මහතා පැවසීය.
 
අඩි හයකට වඩා උසින් යුත් මෙම ගංජා වගාව ඉතා සරුවට වැවී පැසී තිබූ බවත් තවත් සති දෙකක පමණ කාලයක් තිබුණේ නම් වෙළඳපොළට යැවීමට හැකියාව තිබූ බවත් වනජීවී නිලධාරීහු පවසති.
 
මෙය වෙළඳපොළට යැව්වේ නම් රුපියල් ලක්ෂ 150කට අධික වටිනා කමක් තිබිය හැකි බව වනජීවී නිලධාරීහු පවසති.
 
ගල්ගේ පිවිසුම් දොරටුව සීමාවේ සිට කැබිලිත්ත දේවාලය දෙසට වන්නට  කිලෝමීටර් 15 ක් පමණ වාහන උපයෝගී කරගෙන ද එම සීමාවේ සිට තවත් කිලෝමීටර් 15 ක් පමණ පා ගමනින් ද මහ කන්ද නමින් හඳුන්වන සීමාවේ දැඩි දුෂ්කරතා මධයේ මෙහෙයුමේ නිරතව සිටියදී මෙම ගංජා හේන සොයා ගැනීමට හැකිවී ඇත.

වැටලීම සිදු කළ අවස්ථාවේ කිසිවෙකුත් හේනේ නොසිටි බව වනජීවී නිලධාරීහු කියයි. ගංජා රැගෙන ඒමේ මාර්ග අපහසුතාවය මත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාම්පල් කොටසක් තබාගෙන ඉතිරි සියල්ලම කපා කොටා ගිනි තබා විනාශ කළ බව වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (1)

යාල තුන කලාපයේ ගංජා හේනක් ගිනි තබා විනාශ කරයි

Maddumage Friday, 05 March 2021 04:06 PM

අපරාධ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site