(එම් .සුසිල් ප්‍රියන්ත )
ඇල්පිටිය අඩා හැලෙන ඇල්ලේදි ඝාතනය කෙරුණ යුද හමුදා සෙබලාගේ ඝාතනයේ අවසන් සැකකරු මාස අටකට පසුව පලා ගොස් සිටියදි අද (25 ) උදේ අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ දි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය පොරවගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලා අඩා හැලෙන ඇල්ලේදි ඝාතනය වී තිබුනේ 2020 පෙබරවාරි 01 වැනිදා බවත් ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතරදෙනාගෙන් තුන්දෙනෙක් මීට පෙර සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
ඝාතනයේ අවසන් සැකකරුවන් මේ තැනැත්තා ප්‍රදේශයෙන් පලාගොස් කාලයක් තිස්සේ සිටම පොලීසියට කට්ටි පනිමින් සිටි බවත් පොලීසිය කියයි.
අඩා හැලෙන ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇතිවූ කතා බහක් දුරදිග යාම මේ ඝාතනයට හේතුව බවද පොලීසිය කියයි.
මේ ඝාතනය සිදුවී මාස අටකට පමණ පසුව ඔහු අකුරැස්ස ප්‍රදේශයේ සැගව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමක දී ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
සැකකරු ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුද හමුදා සෙබළාගේ ඝාතකයා මාස අටකට පසු අල්ලයි