(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල බොබැල්ල ප්‍රදේශයේදී අද (14) උදෑසන යුද හමුදා ටිපර් රථයක් ගසක හැපීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පල්ලේකැලේ ප්‍රදේශයේ සිට වවුනියාව ප්‍රදේශයේ දක්වා ධාවනය වෙමින් තිබූ යුද හමුදාව ටිපර් රථයක රියදුරු සහ එහි ගමන් ගත් තවත් සෙබළුන් දෙදෙනකු බව නාඋල පොලිසිය පවසයි.
වර්ෂාවත් සමඟ ටිපර් රථය මාතලේ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් ඇති බවත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක හැපී තවත් මීටර් 30 ක් පමණ මෙම රථය ඇදීගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරට හේතුව අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හෝ රියදුරට නින්ද යෑම විය හැකි බව පොලිසිය විශ්වාසය පළ කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුද හමුදා ටිපර් අනතුරකින් සෙබළු තිදෙදෙනකුට තුවාල
කුමාර Wednesday, 14 October 2020 05:34 AM
යුද හමුදා රියදුරන් වැඩි දෙනෙක් රිය පදවන්නේ මාර්ග නීති ගැන කිසිම සැලකීමක් නැතිව ඉතා අවිචාරවත් ලෙස. මෙවැනි අනතුරු වීම පුදුමයක් නොවෙයි.