(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල 28 වෙනි සැතපුමට ආසන්නයේ දී අද (10) ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව,හතරේ ඇල, පදිංචි ඩබ්ලිව්.එම්.එස්.රත්නකුමාර නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.
හෙතෙම මින්නේරිය ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය කරන අයෙකු බව අනාවරණය වී ඇත.
එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතිබව පොලීසිය සඳහන් කළේය.
එම මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(10) දිනයේ පොලොන්නරුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදි අනතුරින් හමුදා සෙබළෙක් මරුට