(දයාරත්න ඇඹෝගම)
රත්මල්ගහවැව,හොරොව්පොතාන මාර්ගයේ කිරලාගල වංගුවේදි සිදුවු යතුරු පැදි අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු අද (27) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හොරොව්පොතාන, මැදවච්චිය හන්දියේ පදිංචිව සිටි චිත්‍රානන්දගේ මලිදු කාවින්ද චිත්‍රානන්ද(19)නැමති පාසල් සිසුවෙකි.
මෙම සිසුවා අද (27)දින රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ සිය යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදි කිරලාගල වංගුවේදි යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවක හිස ගැටි බරපතල තුවාල ලැබු බව පොලිසිය කියයි.
මෙම අනතුරින් පසුව මෙම සිසුවා හොරොව්පොතාන රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.