(හේමලතා ඩී හේවගේ)
පැරණි ආරඅවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් යක්විල - කැළණියමුල්ල මංසන්ධියේදී යතුරුපැදිය මත සිටි බව කියන පුද්ගලයෙකුට අද (08) සවස මන්නයකින් පහරදීමෙන් බරපතල ලෙස තුවාලවී එම ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ තෙලඹුගම්මන යක්විල ප්‍රදේශයේ පදිංචි පොල්වත්තගේ චානක ප්‍රදීප් නැමති (29) හැවරිදි තිදරු පියෙකු බවද පොලීසිය සඳහන්කර සිටියි. මෙම ඝතනය සිදුකිරීමට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇතිබවට පොලීසිය සැකපල කර සිටියි.
ඝාතනය සිදුකල පුද්ගලයන් පලායාමට මාර්ගයේ ගමන්ගත් රථවාහන නැවැත්වීමට උත්සාදරා ඇතත් එය ව්‍යාර්ථවීමත් සමග එම අවස්ථාවේ පැමිණි යතුරුපැදියක් නවත්වා එහි අයිතිකරුව මන්නය හිසට තබා බියගන්වා යතුරුපැදිය රැගෙන පලාගොස් ඇතිබව බවට කල විමර්ශණවලදී අනාවර්ණය වී ඇතිබව පොලීසිය පවසයි.
මෙම ඝාතනය සිදුකල ස්ථානය කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිළධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය.
කුලියාපිටිය කොට්ඨාශභාර ඡේයෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස්මත පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුඵ නිළධාරීහූ කණ්ඩායමක් ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශණ සිදුකරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යක්විලදී මන්නයකින් පහරදී ඝාතනය කරයි