IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහවැස්සෙන් මධ්‍යම පළාතේ 173 ක් පීඩාවට

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතේ  පසුගිය දින කිහිපය තුල පැවැති  අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල්  45 කට අයත් පුද්ගලයින්  173   දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල්   35  අයත් පුද්ගලයින් 140  දෙනෙකුද නුඑරඑලිය දිස්ත්‍රික්කයේ පවුල්  10  කට අයත් පුද්ගලයින් 33  දෙනෙකුද වශයෙන් පීඩාවට පත්ව  තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ   උඩදුම්බර,  පන්විල, පාතහේවාහැට, උඩපළාත, යටිනුවර,  ගඟවට කෝරළය, හාරිස්පත්තුව,  මැදදුම්බර සහ අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ  නුවරඑළිය  සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල  පිරිස් මෙලෙස පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

අධික වැස්ස, ගල් පෙරළීම, අධික සුළං සහ නායයෑමේ අවදානම හේතුවෙන් මෙලෙස පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

මහවැස්සෙන් මධ්‍යම පළාතේ 173 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site