IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදේ දිය නාන්න ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

 

(සිතුම් චතුරංග)

යාපනය, කන්කසන්තුරය ඌරනි මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අද (29) අතුරුදහන්ව ඇති  බව පලාලි පොලිසිය කියයි.
 
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා 19 හැවිරිදි වියේ අය බව අනාවරණය වී තිබේ.
 
මිතුරන් 6දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ රළපහරකට හසුව තරුණයින් දෙදෙනා අතුරුදහන්වී ඇති බව පොලිසිය පැවසීය.
 
මෙම තරුණයන් පිරිස ධීවරයින්ගේ අවවාද නොතකා මුහුදු දිය නෑමට ගොස් ඇති බවද සිදුකළ පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිසිය සඳහන් කළේය.
 
පොලිසිය පැවසූයේ අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදා කිමිදුම් භටයින් එක්ව පොලිසිය  විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවය. අනතුර සම්බන්ධයෙන් පලාලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

මුහුදේ දිය නාන්න ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site