(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටීමෙන් හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර ඒ.එම් .ආර් .එන් .කේ. අධ්‍යක්ෂ මහතා පවසයි .
අද (7) අලුයම් කාලයේ මාරවිල වෙන්නප්පුව ප්‍රදේශ හරහා හමා ගිය මහ සුළඟකින් මෙසේ ගස් කඩා වැටී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හානි සිදුව ඇති බව කියයි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් මෙම මධ්‍යස්ථානය තුළ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු පවත්වමින් තිබු ස්ථානයක් බවත් කියයි.
සුළඟත් සමග මෙම මධ්‍යස්ථානය අසළ තිබු දැවැන්ත නුග ගසක් ගොඩනැල්ල මතට ඇද වැටී ඇති බව කියයි. මේ හේතුවෙන් 7 දින වෘත්තීය පුහුණු සදහා පැමිණි සිසු සිසුවියන් ආපසු හරවා යැවීමට පාලනාධිකාරියට සිදුව තිබිණි.
පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියේ ගොඩනැගිල්ල මතට වැටී ඇති දැවැන්ත නුග ගස මේ වන විට ඉවත් කිරිමට කටයුතු කරමින් ඇති බවයි.
කෙසේ නමුත් වෘත්තිය පුහුණු පවත්වන අවස්ථාවක මෙම ගස කඩා වැටීම සිදු වුවා නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබූ බව ද සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටෙයි