IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාස 15ක් හොරෙන් ජලය ගෙන 10,000ක් දඩකයි

(ඉන්දිකා රාමනායක)
 
නීතිවිරෝධි ලෙස ජලය ලබාගෙන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් 40,000 ක පමණ අලාභයක් සිදුකිරීමේ චෝදනාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද  පිළිගත්  ග්‍රෑන්ඩ්පාස්හි  පදිංචිකරුවකුට ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කළේය.

 
දඩමුදල් නියම වුයේ ග්‍රෑන්ඩ්පාස්  පදිංචි  ඩී බාලසුබ්‍රමනියම් නැමැත්තායට.
 
සැකකරු සිය  ගබඩාවට   මාස 15 ක පමණ කාලයක් සිට වංචනික  ලෙස ජලය  ලබාගෙන ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල වැටලීම්  ඒකකයේ    ඉංජිනේරු  ඒ.  ඩී. එම්.  සිල්වා සහ   එච්. ඊ. ඒ.   ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්  ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමග ගොස් කළ වැටලීමේ දී හෙළි කරගෙන ඇති බව අධිකරණයෙන් වාර්තා වේ.
 
අනවසරයෙන් ජලය ලබාගෙන  පරිභෝජනය කිරීමේ චෝදනාව යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහි දී  විත්තිකරු එකී චෝදනාවට  වරද පිළිගෙන තිබිණි.
 
සියලු කරුණු  සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා  විත්තිකරුට ඉහත දඩමුදල් නියම කළ අතර    මණ්ඩලයට සිදුකළ  රුපියල් 39,771 ක අලාභ මුදල ලබන 10 දිනට පෙර ගෙවන ලෙසට ද නියම කළේය.
 
ජාතික ජලසම්පාදන හා ජලඅපවහන මණ්ඩලයේ  ප්‍රධාන ඉංජිනේරු    කේ. ප්‍රේමකුමාර මහතා  පැමිණිල්ල මෙහෙයවීය.



අදහස් (0)

මාස 15ක් හොරෙන් ජලය ගෙන 10,000ක් දඩකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site