(සිතුම් චතුරංග)
මස් පිණිස යාපනය ප්‍රදේශයේ හෝටල් සඳහා අලෙවි කිරීමට සූදානම් කර සිටි කැස්බෑවුන් පස්දෙනකු සමඟ ජාවාරම්කරුවකු යාපනය, කොළොම්බුතුරෙයි හි නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
විශාල කැස්බෑවුන් දෙදෙනකු හා කුඩා කැස්බෑවුන් තිදෙනකු මස් පිණිස අලෙවි කිරීම සඳහා ගැණුම්කරුවකුට ලබාදීමට සූදානම්ව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට ධීවර දැල්වලට හසුවන කැස්බෑවන් රැගෙනවිත් ප්‍රදේශයේ හෝටල් සඳහා මස් පිණිස ලබාදීම සිදුකරන බවට තොරතුරු අනාවරණය වූ බවද සඳහන් කළේය.
සොයාගත් කැස්බෑවුන් පස්දෙනා ජාවාරම්කරු මරා දැමීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවද පැවසීය.
සැකකරු යාපනය කොළොම්බුතුරෙයි හි පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වේ. සොයාගත් කැස්බෑවන් හා ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මස් කරන්න සිටි කැස්බෑවන් 5 ක් සමඟ අයෙක් අත්අඩංගුවට