
(සමන් පාලිත නානායක්කාර )
සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මුව ආවරණ නො පැලඳ බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ සිටි 25 දෙනකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්තාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා අද (23) පැවසුවේය.
ව්‍යාපාරිකයින් ,පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙන්දන් ගොවීන් ඇතුළු පිරිස් දිවයිනේ නන් දෙසින් බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපොළට පැමිණෙන බැවින් නිසි මාර්ගඋපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් එළවළු තොග වෙළඳපොළ පවත්වාගෙන යාමට මහජන සහයෝගය අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.
සිවිල් කණ්ඩායමක් වශයෙන් ගොස් තොග වෙළෙඳපොළ පරික්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී තිබෙ.
බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක, බදුල්ල පලාත් ඩෙංගු මර්දන ඒකකයේ කාර්යභාර මහජන සෞඛ්‍යය පරීක්ෂක එන් බී තිලකසිරි, බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් මධුර යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුව ආවරණ නොමැති 25ක් බණ්ඩාරවෙලදී අත්අඩංගුවට