IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාල කඩන්නෙක් අත්අඩංගුවට

(මහේෂ් කිර්තිරත්න)

පාරේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇසට මිරිස් කුඩු සහ වැලි ගසා ලක්ෂ ගණනින් වටිනා  කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කන අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා මාතලේ, ගලේවෙල, පත්කොලගොල්ලේදි අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි.

මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් ගත් කාන්තවකට මිරිස් කුඩු ගසා ගෙල බැදි රන් මාලය කොල්ල කා ඇති අතර මොවුන් දෙදෙනා මෝටර්සයිකලයකින් ගමන් ගනිිමින් මාර්ගයේ මුණගැසෙන කාන්තාවන්ගෙන් ලිපිනයන් විමසන අයුරින් හැසිරි මෙසේ රන් මාල කොල්ල කන බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලැබුණු තොරතුරු අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදි කොල්ලකන ලද රුපියල් ලක්ෂයක් වටිනා රන් මාලය දඹූල්ල ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු කරුණු අනුව කුරුණැගල පන්සියගම ප්‍රද්ශයේදි කාන්තාවකට ඇස්වලට වැලි ගසා කොල්ල කන ලද රුපියල් පනස්දහසක් වටිනා රන්මාලයක් ද කුරුණැගල නගරයේ උකස් මධ්‍යස්ථානයක උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.

මෙම යුවලට එක් දරුවෙකුද සිටින අතර දෙදෙනා විසින් මෙම රන්මාල කොල්ලකැමේ නිරතව ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිමෙන් පසු බිරිය පොලිසිය මගහරිමින් සිටින බවද පොලිසිය කියයි.

සැකකාර යුවළ ගලේවෙල පත්කොලගොල්ලේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

සැකකරු 10 දා නාඋල මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කර හදුනාගැනිමේ පෙරට්ටුවකටද යොමු කරන බවත් කුරුණැගල ප්‍රදේශයේ කොල්ලකැමට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය කියයි.



අදහස් (2)

මාල කඩන්නෙක් අත්අඩංගුවට

Perera Tuesday, 09 March 2021 05:31 PM

ඇමතිකෙනෙක් වෙන්න සුදුසුකම් තියෙනවා.

:       0       4

wedage Wednesday, 10 March 2021 04:09 AM

මිරිස් කුඩු සෙල්ලම පාර්ලිමේන්තුවෙන් ඉගෙනගෙන කරන කෙනෙක් වගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site