IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැර ප්‍රහාර ගැන දිවුලපිටිය ප්‍රා. සභාවේ විරෝධතා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ගතවූ මාසයක කාල සීමාවක් ඇතුළත දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මැර ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන්, දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු එම සභාවේ අද(15) පැවති රැස්වීමේ දී විරෝධය පළ කළහ.
 
මැර ප්‍රහාරයන්ට ලක්ව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක සහ අනුරුද්ධ සේනානායක යන මහත්වරුන්ය. ඉන්, අනුරුද්ධ සේනානායක මහතා කිහිලිකරු ආධාරයෙන් ගමන් ගන්නා අයෙකු බවද පැවසේ.
 
ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක මහතා නිවස බලා යමින් සිටියදී පසුගිය මස 14 වැනිදා  බල්ලපාන ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු ලුහු බැඳ ආ පිරිසක් පහර දී ඇති බවට තොරතුරු ලැබී තිබිණි. එහෙත් එම ප්‍රහාරයට සම්බන්ධවූවන් මෙතෙක් හඳුනාගැනීමට හැකි වී නැත.සේනානායක මහතා  පෙරේදා 14 රාත්‍රියේ ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී ම මැර ප්‍රහාරයකට ලක්ව දිවුලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. කැබ් රියකින් පැමිණි පිරිසක් මග හරස් කර මන්ත්‍රීවරයා ගමන් ගමන් කළ ත්‍රිරෝදය නවතා බිමට ඇද දමා පහරදී ඇතැයි හෙළීවී ඇත. තවත් මන්ත්‍රීවරයකුට ද පහර දෙන බව ප්‍රහාරකයන් ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇතැයිද මන්ත්‍රීවරු සඳහන් කළහ.
 
රැස්වීමට සහභාගී වූ හසිත විජේසිංහ මහතා  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අදහස් දක්වමින් මැර දේශපාලනයට සියලු දෙනා එක්වන්ව විරෝධය පළ කළ යුතු බවත්, ආබාධිත තත්ත්වයේ පසුවන මන්ත්‍රීවරයකුට පහරදීම ලජ්ජාවට කරුණක් බවත් පැවසීය. එමෙන්ම සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීම සභාපතිවරයාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
 
අගෝස්තු මාසයේ පැවති සභා රැස්වීමේ දී අදහස් දැක්වූ  ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ සේනානායක මහතා සඳහන් කළේ මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නොසලකා හැර ඇති බවයි. තමන් ඉතා අවදානම් හා කනගාටුදායක තතත්වයක පසුවන බවද මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදී පැවසීය.
 
 මෙම ප්‍රහාරයන් එකම කල්ලික ක්‍රියාවන් බවට  මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරු පැවසූහ. පළමු ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක (පො.ජ.පෙ.) මහතා පොලිසියට චෝදනා කරමින් මෙහිදී පැවසුවේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැති බවයි. තවත් මන්ත්‍රීවරුන් හා සභාවේ සේවකයින් ද වරින්වර මැර ප්‍රහාරයන්ට ලක්වූ බවද  මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙසද නිමල් කරුණාතිලක මහතා මෙහිදී ඉල්ලා සිටියේය.



අදහස් (0)

මැර ප්‍රහාර ගැන දිවුලපිටිය ප්‍රා. සභාවේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site