IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර පදික වෙළඳාමේ යෙදෙන පිරිස ඉවත් කිරීමේ අවස්ථාවට යන නිලධාරීන් වෙත මොරටුව පොලිසිය විසින් ආරක්ෂාව සැපයූවේ නැති බව පවසමින් පොලිසියට එරෙහි පැමිණිලි 7ක් අද(25) ඉදිරිපත් කළ බව මොරටුව නාගරික කොමසාරිස් එස්.බී තෙවරප්පෙරුම මහතා පැවැසීය.
 
ඒ අනුව නාගරික කොමසාරිස් වන තමා ඇතුළු ඉංජිනේරුවරයා, ප්‍රධාන ආදායම් පරීක්ෂක, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගණකාධිකාරි, සෞඛ්‍ය පරීපාලක, ක්ෂේත්‍ර පරිපාල යන මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. නාගරික තදාසන්න කලාපයේ අනවසර වෙළඳුන් මාර්ගයේ ගමන් කරන රථවාහන සඳහා මෙන්ම පදිකයන්ට ද අවහිර වෙන ආකාරයට සිදුකරන අනවසර වෙළඳාම හේතුවෙන්  ගැටලු මතුව ඇතැයි ඒ මහතා පැවසීය.
 
එහෙයින් මොරටුව මහ නගර සභා පනත ප්‍රකාරව අදාළ  අනවසර වෙළදාම් ඉවත් කිරීමට කටයුතු කරන්නට සැලසුම් කල අතර එකී අවස්ථාවට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව හා වාචිකව සිදු කරනු ලැබූ ඉල්ලීමකට පොලිසියෙන් යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එයට එරෙහිව මෙසේ පැමිනිලි ඉදිරිපත් කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
මහ නගර සභා පනතට ප්‍රකාරව පදික වේදිකාවන්හිදී වෙළඳාම් සිදු කිරීම සිදුකළ නොහැකි බව සඳහන් කරන ඒ මහතා එකී වෙන සැල් ඉවත් කිරීමට යාමේ දී අදාළ වෙළඳුන්ගෙන් නිලධාරීන්ට යම් පහර දීමක් සිදු වුවහොත් එහි වගකීම මොරටු පොලිසිය දැරිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.
 
මෙසේ අනවසර වෙළඳසැල් ලෙස වෙනදාමෙන් යෙදුන වෙළඳුන් 15දෙනෙකු ඉවත් කිරීමට හඳුනාගෙන තිබූ බව ඒ මහතා පැවසීය.
 
මේ පිළිබඳව මොරටු පොලිසියේ නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දරිද්‍රතාවය සහ රැකියාව කර ගැනීමට නොහැකි දැඩි අපහසුතාවන්ට පත්ව සිටින ජනතාවගේ වෙළඳසැල් මෙසේ  ඉවත් කිරීම සිදු කරමින් අපහසුතාවයට පත් කිරීම අමානුෂික ක්‍රියාවලියක් බවයි. අනවසර වෙළඳසැල හේතුවෙන් මාර්ගයේ ඇතැම් ස්ථානවල තදබදයක් මෙන්ම ගැටලුකාරී තත්ත්වයන් මතු වුව ද මෙවන් අවස්ථාවක අමානුශික ආකාරයෙන් එකී වෙළඳසැල් කඩා ඉවත් කිරීම මනුෂ්‍යත්වයට කරන අගෞරවයක් බව එම  නිලධාරිහු පැවසූහ.



අදහස් (0)

මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site