IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මොරටුවේ අභිරහස් මරණයක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ තිබී වයස අවුරුදු හැටක පමණ වන පුද්ගලයෙකුගේමළ සිරුරක්  අද (11) හමු වූ බවත් එම සිරුර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

 සුවසැරිය ගිලන්රථ සේවයට කල දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි එම  කාර්ය මණ්ඩලය පැවසු බව පොලීසිය පැවසීය.

අදාල ස්ථානයේ සී.සී.ටී.වී පරික්ෂාවේදී උදෑසන හතයි හතලිස් පහත් අටත් අතර කාලයේදී මළ සිරැර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා යන අයුරැ දැකගත හැකි වු බව පොලිසිය පැවසීය

මෙම මරණකරු කාගේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා විසින් අදාළ මෘතදේහය  මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කළ බව පොලිසිය පැවසීය.

  පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමටත්  මනුෂ්‍ය ඝාතනයක් ද යන්නත් සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

මැරී වැටී සිටි පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් දැයි දැන ගැනීමට පි.සී.ආර් පරීක්ෂණයක් සඳහා මෘත දේහය යොමු කිරීමට නියමිතව බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

මොරටුවේ අභිරහස් මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site