IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මොරගහවැව ජල ටැංකියට නැගි දරුවන්ගේ දුක දැක බලධාරිහු එති

 

 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

නවගත්තේගම මොරගහවැව ගම්මානයේ දරුවන් වෙනුවෙන් සන්නිවේදන පහසුකම් ලබා දිමට විදුලි සංදේශන නියාමක කොමිසමේ මැදිහත් විමෙන් දුරකථන ආයතන කිපයක් මැදිහත් වි තිබේ .

මොරගහවැව ගම්මානයේ දරුවන් තම අන්තර් ජාලය මගින් සිදුකරන ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් අඩි 60 කට වඩා උස ජල ටැංකියකට නැගි දෛනිකව අධ්‍යයන කටයුතු වල නිරත වන අවදානම් තත්වය පිළිබදව මාධ්‍ය මගින් හෙළිදරව් කිරිමත් සමග මෙසේ අදාල බළධාරින්ගේ ඇස මෙම දරුවන් වෙත යොමුව ඇති බව කියයි.

මොරගහවැව දරුවන් තම අන්තර් ජාලය මගින් සිදුකරන ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් ජල ටැංකියකට නැගි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිදුකර ජීවිත අවදානම් තත්වය පිළිබදව මාධ්‍ය හෙලි කිරිමත් සමග විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ විශේෂ අවධානය යොමු විමේන් පසුව එම කොමිසමේ නිළධාරින් කණ්ඩායමක් සමග දුරකථන සමාගම් දෙකක් පැමින අදාල සංනිවේදන තාක්ෂණය ලබා දිමට කටයුතු කිරිම ආරම්භ කරන ආකාරය දැක ගත හැකි විනි .

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ වි ඇති ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ මොරගහවැව දරුවන්ට පිහිටට පැමින තිබේ.

ඒ අනුව පලමු අදියරේදි  මොබිටෙල් දුරකථන ආයතනය මොරගහවැව දංගස්වැව විද්‍යාල පරිශ්‍රය හා අවට  4ජී තාක්ෂණයෙන් සන්නද්ධ කිරිමට කටයුතු කරන කෙරුණි .

ඒ සමගම දරුවන් ජීවිත අවදානම මැද තම අන්තර් ජාලය මගින් සිදුකරන ඉගැන්වීම්  කටයුතු සිදුකල මොරගහවැව ජල ටැංකිය අවට මිටර් 900 ක වපසරියක කලාපයක් 4ජී තාක්ෂණයෙන් ආවරණය කිරිමට ඩයලොග් සමාගම සතියක් තුල කටයුතු කරන බවට දරුවන්ට පොරොන්දු ලබා දිම සිදුවිනි.

මොරගහවැව ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිපය අතරින් පිහිටි එක් ප්‍රාදේශීය ලේකම් වසමක පිහිටි ගම්මානයක් ද වෙයි .

වන අලි ගැටුමට මැදිව පිඩා විදින මෙම ගම්මානයේ ජනතාව තම ජීවිත සරුකර ගැනිමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරන ආකාරයද සුවිශේෂය.

 

විදුලි සංදේශන නියාමන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන  ශ්‍රීයානි මාවැල්ලගේ මහත්මිය සමග එස් .ඊ.වාකිස්ට මහතා සමග තවත් නිළධාරින් රැසක් එක්වි තිබුනී.

 



අදහස් (0)

මොරගහවැව ජල ටැංකියට නැගි දරුවන්ගේ දුක දැක බලධාරිහු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site