
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම මූලික රෝහල ආරම්භ කර වසර අනූ නවයක් පිරීම නිමිතිකරගෙන මීරිගම ව්‍යාපාරිකයකු වන දිනේෂ් චන්දන ගුරුගේ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රෝහලේ බාහිර ප්‍රතිකර ඒකකය ඉදිරිපිට භූමියේ ඉදි කෙරුණු සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (28) මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් නිරාවරණය කරනු ලැබූහ.
රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අබයරත්න මහතාගේ ඉල්ලීමක් හා මීරිගම ශාසන වර්ධන පිරිවෙනේ මරදන්කල්ලේ සුසීම, වැලිමඩ අචලධම්ම,හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මත මෙම සම්බුද්ධ ප්‍රතිමාව ඉදිකරනු ලැබු අතර ඒ සදහා වැය වුණු මුදල රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බවද මෙහිදී සදහන් විය.
තම තමන් ඉගෙන ගන්නා දේ වුවද කිසියම් දසවක නිෂ්ප්‍රයෝජන වන අතර මෙවැනි අටමහ කුසල් කරගැනීමෙන් ලබා ගන්නා පින් සදහටම වැදගත් වන බව මෙහිදී අනුශාසනාවක් කළ මහනාහිමියෝ සදහන් කළහ.
ව්‍යපාරික දිනේෂ් චන්දන ගුරුගේ මහතාගේ පවුලේ සාමාජිකයෝ ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මීරිගම මූලික රෝහලේ බුදු පිළිමය නිරාවරණය කෙරෙයි