IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මින්නේරියේ වෙළඳසැලක් ගිනි ගෙන විනාශයි


(ක.ග.කරුණාරත්න)

 
මින්නේරිය නගරයේ පිහිටි තොග සහ  සිල්ලර වෙළඳසැලක අද(14) අලුයම ඇතිවූ ගින්නකින් එහි තිබූ බඩු බාහිරාදිය සියල්ල මුළුමනින්ම විනාශවී ගොස්  ඇතැයි  මින්නේරිය පොලීසිය  කියයි.
 
ගින්න හේතුවෙන් එම වෙළඳසැලේ ගොඩනැගිල්ලටද දැඩිලෙස හානි සිදුව තිබේ.
 
පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, පොලීසිය, යුද හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව එය පාලනය කර නිවා දමා තිබේ. ඒ හේතුවෙන් අවට වෙළඳසැල් වෙත ගින්න පැතිරයාම වළක්වා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළේය.
 
මෙම ගින්න හට ගැනීමට හේතුව අනාවරණයවී නොමැති අතර ගින්නෙන් වෙළඳසැලට සිදුවූ හානිය කොපමණද යන්න මෙතෙක් තක්සේරු කර නැතැයිද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

මින්නේරියේ වෙළඳසැලක් ගිනි ගෙන විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site