IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මන්නාරමේ වෙල්යායකින් ඉපැරණි පිහි කැති සොයාගනී

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පුරණ්ඩිවේලි ග්‍රාමයේ ගොවීන් පිරිසකට වෙල්යායක තිබී පැරණි ජනාවාසයක භාවිත කරන ලද පිහි සහ කැති බවට සැකකෙරන ආයුධ කිහිපයක් හමු වී ඇති බව මන්නාරම පුරාවිද්‍යා කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පෙන්වා දෙයි.
 
පුරණ්ඩිවේලි ප්‍රදේශයේ පුරන් වූ වෙල්යායක් අස්වැද්දීම සඳහා එළිපෙහෙළි කරමින් සිටි ගොවීන් පිරිසක්ට මෙම පැරණි ආයුධ හමු වී ඇති අතර, ඒවා නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දී තිබුණි.
 
ඒ පිළිබඳව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කළ පරීක්ෂාවකදී දැනට එළඹී ඇති නිගමනයකට අනුව ගොවීන්ට හමු වී ඇත්තේ පැරණි කැත්තක්, පිහියක් සහ යබර කෑල්ලක් (යකඩ රත් කල පසු ඉතුරුවන දෑ) බවටය. නමුත් කැත්ත සහ පිහිය දැඩි ලෙසින් මළ අල්ලා විනාශ වෙමින් පැවතීම හේතුවෙන් නිශ්චිත කාලයක් පැවසිය නොහැකි බවද, යුගයක් හෝ වටිනාකමක් පැවසිය නොහැකි බවද ඔවුහු කීහ.
 
ආයුධ තොගය හමු වූ ස්ථානයට පැමිණ කළ පරීක්ෂණවලදී අදාළ ස්ථානයේ පැරණි ජනාවාස පිහිටි බවට යම් යම් සාධක පවතින බවට සැකයක් පවතින බැවින් එම ස්ථානයේ වැඩිදුර පරීක්ෂණයක් කිරීමට නියමිත බව ඔවුහු පැවසූහ.
 
පසුගිය සැප්තැම්බර් 20 වැනිදා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ වැසියෙකුට නිවසක් පිළිසකර කිරීමේදී පාණ්ඩියන් රජසමයට අයත් බවට සැලකෙන කාසි 1850 ක් පමණ කාසි මුට්ටියක් ද පොළව යට තිබී හමු විය.



අදහස් (0)

මන්නාරමේ වෙල්යායකින් ඉපැරණි පිහි කැති සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site