IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි

(චමිල් රුපසිංහ)
 

මධ්‍යම පළාතේ සියලුම උපකාරක පන්ති තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
 
කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන නිර්දේශ නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම තිරණය ගත් බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (07) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
කවුරුන් හෝ මෙම තීන්දු තීරණ වලට පිටින් ගොස් උපකාරක පන්ති පැවැත්වීමට කටයුතු කළහොත් පොලීසිය හා සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවද එහිදි සදහන් කළේය.
 
පෞද්ගලික පංති වලට සහභාගි වන ළමුන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නොපිළිපැදීමත් ඉගැන්වීම් කරන ගුරුවරු එය නිවැරදි කිරීමට පියවර නොගැනීමත් නිසා මෙම තීරණය ගත් බව ආණ්ඩුකාරවරයා කි අතර සියලු දේ වන්නට පෙර පෙර සුදානම වැදගත් බව සදහන් කල ආණ්ඩුකාරවරයා වෛරසය ශරීර ගතවීමට වලක්වා ගැනීමට තම තමන් පෞද්ලිකව  කටයුතු කිරීමෙන් සියලු දෙනාගේ ආරක්ෂාව සැලසෙන බවද ආණ්ඩුකාරවරයා එහිදි සදහන් කළේය.



අදහස් (0)

මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site