IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාතලේ පාසලකට පිවිසෙන මාර්ගය වැසූවැයි විරෝධතාවක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
මාතලේ විජයපාල විද්‍යාලය වෙත පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ඇතුළුවීම අවහිර කරමින් පොලිසිය විසින්  පිවිසුම් මාර්ගය වසා දැමීමට එරෙහිව විරෝධතාවක් අද(16) මාතලේ නුගගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි.
 
පාසල වෙත කුමාරවිදීය දෙසින් ඇතුළුවීමට ඇති මාර්ගය අවහිර කර ගේට්ටුවක් දැමීමෙන් 2500ක් පමණ වු පාසල් සිසුන්ට කිලෝමීටරයකට වැඩිදුරක් අමතරව ගමන් කිරීමට සිදු වන බවද, කොරෝනා තත්වය හේතුවෙන් පාසල් වසා තිබියදී පොලිස් නිල නිවාස අසලින් විද්‍යාලයට යාමට ඇති එම මාර්ගය  අවහිර කර ගේට්ටුවක් යොදා ඇති බවද,  වහාම එය ඉවත්කරන ලෙසද ඉල්ලා විරෝධතාව පැවැත්වුණි.
 
 විරෝධතාව දෙමාපියන්, ආදි සිසුන් හා ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
 
 විරෝධතාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩාර තෙන්නකෝන් මහතාද එක්ව සිටි අතර ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා වෙත දුරකතනයෙන් අමතා ඇතිව ඇති තත්වය පිළිබදව පැහැදිලි කළේය.
 
 අනතුරුව එම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය වෙත දැන්වූ අතර, මාර්ගය විවර කෙරුණි. ඒ සමගම රැස්ව සිටි පිරිස විසිර ගියහ.



අදහස් (0)

මාතලේ පාසලකට පිවිසෙන මාර්ගය වැසූවැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site