
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ත්‍රිරෝද රථ අලංකාරකර ගැනීමට අමතර උපාංග සවි කර ගැනීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික්කයේ ත්‍රි රෝද රථ රියැදුරෝ පිරිසක් අද (01) සිය ත්‍රිරෝද රථ ද මාතර වෙරල පාරට රැගෙනවිත් උද්ඝෝෂණයක නිරතවූහ.
අමතර උපාංග සවි කර ගෙන ධාවනය වන ත්‍රි රෝද රථවලට පොලීසියෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවද එම බලපෑම් වහා නතර කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ.
විවිධ උපාංග සවි කර අලංකාර කරන ලද ත්‍රි රෝද රථ තුන්සියයකට වැඩි ප්‍රමාණයක් මෙම විරෝධතාවට එක් කර තිබුණි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.