IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්පෙති සමඟ අයෙක් යටදොළින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මතුගම යටදොළ ප්‍රදේශයේදී මත් පෙති  සමග පුද්ගලයෙකු අද  ( 12  ) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

එම සැකකරු සමග රුපියල් 70,000ක් වටිනා මත්පෙති 700 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණවර්ධන මහතාට ලද  තොරතුරක් අනුව  සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් පෙති 100 තිබී ඇත. අත්අඩංගුවට  ගැනීමෙන් අනතුරුව  කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී  සැකකරු පදිංචි කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ තවත් මත් පෙති 600 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට මාස 5කට පමණ ඉහත දී  ගිනි අවියක් හා තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව  සිර දඬුවම් ලැබ ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 සැකකරු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්පෙති සමඟ අයෙක් යටදොළින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site