IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෝටාර් උණ්ඩ ඇතුළු අවි තොගයක් මන්නාරමෙන් සොයාගනී

( රොමේෂ් මධුෂංඛ)

යුද සමයේදී භාවිතා කෙරුණු අධිබලැති යුදටැංකි නාශක පීඩන බෝම්බ, මෝටාර් උණ්ඩ ඇතුළු ගිනි අවි තොගයක් නාවික හමුදාව හා පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව මන්නාරම සහ පදවිය ප්‍රදේශයන්හි සොයාගැනීමට සමත්ව ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් සහ පුල්මුඩේ විශේෂකාර්ය බලකාය එක්ව පදවිය ඇතාවැටුණු වැව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ යුද උපකරණ රැසක් හමු වී ඇත.
 
එහිදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 07 ක්, කිලෝ 08 ක බරින් යුත් යුද ටැංකි නාශක පීඪන බෝම්බයක් , සොයා ගනු ලැබීය.

තවද උතුරු මැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැලෑවක් තුළ සඟවා තිබූ දේශීය නිශ්පාදිත ගිනි අවියක්ද සොයාගැනීමට සමත්ව ඇත.

ඇතා වැටුණු වැව ප්‍රදේශයෙන් හමු වූ යුද උපකරණ යුද සමයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ කොටි සාමාජිකයින් විසින් සඟවා පලා යන්නට ඇති බවට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පල කර සිටියි.

 සොයාගත් යුද උපරකණ තොගයන් පදවිය හා පරයාලන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු වෙතට භාර දීමට පියවර ගත බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
 



අදහස් (0)

මෝටාර් උණ්ඩ ඇතුළු අවි තොගයක් මන්නාරමෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site