(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය ඉදුරාගාර හන්දියේදී බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක රෝහලට ඇතුළත් කිරීමේදී අද(28) මියගොස් ඇතැයි දිවුලපිටිය රථවාහන අංශය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දූනගහ ඉදුරාගාර චාර්ලිස් පටුමගේ විසූ රන්කොත් පේඩිගේ මාලනී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි.
රැකියාවට යාම සඳහා දිවුලපිටිය සිට මීගමුව බලා යන පෞද්ගලික බසයට ගොඩවන්නට යාමේදී රියදුරා බසය ඉදිරියට ගෙන ඇතැයි ද ඒ අවස්ථාවෙ ඇය අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි.
ඇයව දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්ව ඇති බව හෙළි වී ඇත.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බස් රථයකට යටවී කාන්තාවක් මරුට