IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි

                

(එම් .සුසිල් ප්‍රියන්ත සහ වයි.එස්.ඒ.ද .සිල්වා)

                 

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශයේ පූජක පක්ෂය හා ප්‍රාදේශීය සභා සේවකයින් මියගිය පසු ආදාහන කටයුතු සිය සභාවට අයත් ආදාහනාගාරවලින් නොමිලයේ කර දිය යුතු යයි විපක්ෂ නායක අජිත් අසේල මහතා (එ.ජා.ප) අද (18 ) පැවති මාසික සභා රැස්වීමට ගෙන ආ අවස්ථාවේදී බලපිටිය මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.             

ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

බලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ,සේවකයින් හා බල ප්‍රදේශයේ පූජක පක්ෂය මියගිය හොත් සිය  සභාවේ ආදාහනාගාර වලින් නොමිලයේ ආදාහන කටයුතු සිදු කිරීමේ යෝජනාව තමා අද (18 ) ගෙන ආවේ මරණීය තර්ජනය හමුවේ බව පවසමින් මේ යෝජනාව ගෙන ආ විපක්ෂ නායක අජිත් අසේල මහතා පැවසීමත් සමඟම සභාව උණුසුම්වී වෙනස් මගකට ගමන් ගත්තේය.

එහිදී නැගී සිටි පොදු ජන පෙරමුණ මන්ත්‍රී අනිල් ප්‍රියන්ත මහතා වේගවත්ව කතා කරමින් පැවසුවේ මේ යෝජනාවේ මන්ත්‍රීවරුන් නොමිලයේ පිච්චීම පිළිබදව තමා විරුද්ධ වන බවත් දැන්ම සභාවේ කටයුතු නතර කර දමා විපක්ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කර පුද්ගලයින් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා සියලුදෙනාම එකතුවී පොලීසියට යායුතු බවත්ය.

සභාව මදකට නතර කර දමා අජිත් අසේල මහතාට මරණීය තරජනය කළ අයවලුන්ට වහාම නීතිය ගන්නට යයි බල කිරීමේ උද්ඝෝෂණයක් පාරට බැස කරයුතු යයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එම්.ඩබ්ලිව්.සෙනරත් මහතා කීවේය.තමාත් සභාවේ වියදමින් පිච්චීමට අකමැති බවද ඒ මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක අජිත් අසේල මහතා ගෙන ආ මේ යෝජනාවට එම පක්ෂයේම පවරසිරි ද සොයිසා,එම්.ඩබ්ලිව්.සෙනරත් ඇතුළු මන්ත්‍රීවරුන්ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ස්වාධීන එක කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ද,පාලක පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද  සභාවේ වියදමින් තමන් මළ පසු පිච්චීමට අකමැති බව ප්‍රකාශ කළහ.

මේ යෝජනාවත් සමග පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ  උණුසුම් වාග් ප්‍රහාරයන් හමුවේ උණුසුම් වෙමින් තිබූ සභා රැස්වීම නිවා දැමීමට මෙන් සභාපති මේ යෝජනාව සදහා ඡන්ද විමසීමක් පැවැත්විණි.

විපක්ෂනායක අජිත් අසේල මහතා ගෙන ආ යෝජනාවට සභාපති  එන් .සමන් ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 13දෙනෙකු යෝජනාවට පක්ෂවද තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 8ක් යෝජනාවට විරුද්ධව ද තවත් 5 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද වැළකී සිටියහ.

මේ යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී උප සභාපති සුනිල් විජේරත්න ,හිටපු විපක්ෂ නායක ගාමිණී යසරත්න හා චමිදු කුමාර සභා ගර්භයේ රැදී නොසිටියහ.

ඒ අනුව සභාවේ ආදාහනාගාරවලින් මන්ත්‍රීවරුන් පිච්චීමේ යෝජනාව වැඩි ඡන්ද 5කින් සභා සම්මත විය.

   



අදහස් (1)

බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි

ලලිත් අම්බලන්ගොඩගේ Friday, 19 February 2021 08:47 AM

මේ ආදර්ශය අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන්ටත් හොදයි.පුච්චන්න එපා, වල දමන්න. හදිස්සියක් වුනොත් ආපසු ගන්න පුලුවන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site