(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ප්‍රාරාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන් රෝග ආවේක්ෂණ කටයුතු සඳහා ආශ්‍රිතයන් හඳුනාගෙන එම මන්ත්‍රීවරයා ඇසුරු කළ සමීප ආශ්‍රිතයන් 200 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ අද(25) දර්ගානගරයේ දී සිදුකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.
මෙම ආසාදිත මන්ත්‍රීවරයා ඇසුරු කළ බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනකු හා ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉදිරියේ දී ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, නිරෝධායන ක්‍රියාවලිය, පී.සී.ආර් පරීක්ෂණ දර්ගානගරය ඉලක්ක කර ක්‍රියාත්මක කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.
වසංගත රෝග ඒකකය ලබා දී ඇති නිර්ණායක අනුව හඳුනා ගත් පළමු හා දෙවන පෙළ ආශ්‍රිතයන් වන බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළහ.
මෙම පී.සී.ආර් පරීක්ෂණයට පෙනී සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුස්මන් සිල්වා මහතා කියා සිටියේ මෙම පී.සී.ආර් පරීක්ෂණ සියලු මන්ත්‍රීවරුන්ට සිදු කිරීම සුදුසු ක්‍රියාවලියක් බවත්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට සිය ස්තුතිය පුද කරන බවත්ය.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බේරුවල ප්‍රා. සභා මන්ත්‍රීගේ ආශ්‍රිතයන් 200 කට පී.සී.ආර්.