
(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03)අලුයම සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තියුණු කැපුම් තුවාල ලබා නිවසේ කාමරයක ඇඳක් මත මිය ගොස් සිටි 38 හැවිරිදි තිදරු මවක් වූ ඉරේෂා ඉවන්ති කුමාරි සහ නිවසේ සාලයේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබු 43 හැවිරිදි ලියන ආරච්චිගේ ශාන්ති සුරංජිත් යන දෙදෙනා ගේ මළ සිරුරු පොලිසිය සොයා ගෙන තිබේ.
මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත්, ඔවුන් අතර වූ ආරවුලකදී දියණියන් දෙදෙනා සමග එම බිරිඳ ඇගේ මවගේ නිවසට ගොස් සිටි බවත්, සැමියා ඇයව එහි සිට සිය නිවසට රැගෙනවිත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පැවත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී