IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)

තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) බඹරු ඇනීම හේතුවෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 6දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
 
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් තේ වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදෑසන තේ වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර වදයක සිටි බඹරු ඇන තිබේ.
 
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග බඹරුන් ඇවිස්සී තමන්ට පහර දුන් බවත්, ඉන් 8දෙනෙකු තුවාල ලැබුවද බරපතල තත්ත්වයේ සිටි කාන්තාවන් 06 දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බවද වතු පාලන අධිකාරිය පවසයි.
 
තේ වතු ආශ්‍රිතව විශාල ගස් සහ තේ පඳුරු මත මේ දිනවල විශාල වශයෙන් බඹර වද බැඳ ඇති බවත්, ඒ අසල සිටින පිරිසට බඹරු අනින බවත් වතු කම්කරුවෝ කියා සිටියහ.



අදහස් (0)

බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site