(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බීමත් පුද්ගලයකු සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහරක් 17 හැවිරිදි දරුවාට වැදී ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
උගුඩුවෙකුට එල්ල කළ පොලු පහරක් වැදී එම දරුවා තුවාල වූ බව ඔහුගේ මව රත්නපුර රෝහල් පොලිසියට පවසා තිබිණි. එය සැක බවද රත්නපුර රෝහල් පොලිසිය, බලන්ගොඩ පොලිසිය වෙත දැනුම් දී ඇත.
එම දරුවා පදිංචි මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයට ගොස් විමර්ශනය කිරීමේදී ඔහුගේ වැඩිමහල් 13 හැවිරිදි සහෝදරියගෙන් පොලිසිය කරුණු විමසා තිබේ. එහිදී පියා බීමතින් පැමිණ මවට එල් කළ පහර ගැටුම බේරීමට ගිය සහෝදරයාට වැදුණු බව ඇය පවසා ඇත.
පහර දුන් උදලු මිටද එම දරුවා පදිංචිව සිටි නිවසේ ඇඳ යට තිබී පොලිසිය සොයාගෙන ඇත.
පහර දුන් සැකකරුවා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ