IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බීමතින් රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ හැපී මරුට


 (එම් .සුසිල් ප්‍රියන්ත)

          
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩදි දුම්රියක ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.මුහුදු බඩ දුම්රිය මාර්ගයේ  කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්‍රියේ මේ පුද්ගලයා ගැටී ඇත්තේ ඊයේ (24 ) රාත්‍රීයේ බවද පොලීසිය කියයි.
      
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ පදිංචි 52 හැවිරිදි නීල් ශාන්ත නමැත්තෙක් බවද පොලීසිය කියයි.
           
නිවස ආසන්නයේ ඇති දුම්‍රිය මාර්ගයේ වාඩිවී ඔහු මත් පැන් පානය කර ඇති බවත් ඔහුට දුම්‍රිය මාර්ගයේම නින්ද ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
            
මේ සම්බන්ධ මරණ පරීක්ෂණය අද (25 ) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
                               
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බීමතින් රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ හැපී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site