IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බීමතින් යතුරු පැදිය ධාවනය කළ ඇල්පිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රී අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)
 
බීමත්ව පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ඇල්පිටිය  ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද ( 01) අලුයම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
 
වේගයෙන් පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට නගරයේ  රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වාම පිටුවල මාර්ගයේ ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරින්ද යතුරු පැදියෙන් එය පිටුපස හඹාගොස් ඇත.
 
එවිට මන්ත්‍රීවරයාට තම යතුරු පැදිය පිටුවල මාර්ගයේ සමගි මාවතට හැරවීමට යාමේදි පාලනය කර ගැනීමට නොහැකිව පෙරැළී තිබේ. පසුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට සුදානම් වූ අවස්ථාවේ එයට විරෝධය පා පොලිස් නිලධාරින් සමග පොරබදා ගුටිබැට හුවමාරුවක්ද සිදුව ඇත.
 
පසුව මහත් පරිශ්‍රමයකින් ඔහු පොලිස්ථානයට ගෙනැවිත් බීමත්ව සිටිදැයි පරීක්ෂා කිරීමට සුදානම් වූ අවස්ථාවේ එයටද විරෝධය පලකිරීම නිසා ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි වෛද්‍යවරයා වාර්තා කර ඇත්තේ ඔහු බීමත්ව සිටින බවය.
 
පොලිස් නිලධාරින් තමාට පහරදුන් බව පවසා ඔහු එම අවස්ථාවේ රෝහලට ඇතුලත්ව ඇති අතර තමාටද තුවාල සිදුව ඇති බව පවසා පොලිස් නිලධාරියෙකුද රෝහලට ඇතුළත්ව ඇත.
 
ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

බීමතින් යතුරු පැදිය ධාවනය කළ ඇල්පිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site