( රේඛා තරංගනී ෆොන්සේකා)
ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ බව කියන බද්දේගම කැලෑ ජෝන් නැමැති සැකකරුවෙකු හෙරොයින් සමඟ අද (25) අද ලුනාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය කියයි.
සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු වසර අටක් තිස්සේ අඟුලාන ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසක රැඳී සිටිමින් දහවල් කාලයේ වෘත්තිමය වශයෙන් කුලී වැඩවල නිරත වන්නේක් බව සඳහන් කරන පොලිසිය ඔහු රාත්‍රි කාලේ එම නිවාස වලම බඩු සොරකම් කර ඇති බව පොලිසිය කියයි.
ඉදිකෙරෙමින් පවතින නිවාස වල කම්බි උපාංග සහ වාහන බැටරි,ටයර් යකඩ බට මොහු සොරාගෙන ඇති බව පොලිසිය කියයි.
හෙරොයින් භාවිතයට ඉතා දැඩිව ඇබ්බැහි වී සිටින මෙම සැකකරුගේ දිනක හෙරොයින් අවශ්‍යතාවය පැකට් 10ක් 15ක් පමණ වන බව සඳහන් කරයි..
බද්දේගම හෙරොයින් සොයාගැනීම දුෂ්කර බැවින් අගුලාන ප්‍රදේශයට හෙරොයින් සඳහාම පැමිණ පදිංචි වී ඇති බව සඳහන් කරන පොලිසිය ඔහු විවාහක දරු දෙදෙනකුගේ පියෙකු බව පැවසීය.
බද්දේගම ප්‍රදේශයේ ද විවිධ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය මොහු යුද හමුදාවේ සෙබලෙක් බව පැවසීය.
සැකකරු අද (25) දින මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බද්දේගම 'කැළෑ ජෝන්' මොරටුවේදී අල්ලයි