IMG-LOGO

බගවන්තලාවේ වතුයායක නිවාස 15 ක් හුදෙකලා කරයි

(රංජිත් රාජපක්ෂ )

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

එම වත්තෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 28 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

හුදකලා කර ඇති බගවන්තලාව වත්ත මැද කොටසේ පවුල් 114 කට අයත් සමාජිකයන් 374 දෙනෙකු සිටින අතර,එම වතු යායේ පහල කොටසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකුගේ ආශ්‍රිතයන් හුදකලා කර ඇති වතු නිවාස පේලිවල පදිංචි නිසා එම කොටසෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 28 දෙනා හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරිවරයා කියා සිටියේය.

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කිරිමත් සමග එම වතු යායට බගවන්තලාව පොලිසිය දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

 



අදහස් (0)

බගවන්තලාවේ වතුයායක නිවාස 15 ක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 459 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site