
( රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතු යායේ මොරා කොටස් පිහිටි ජාතික වැවිලි කළමණාකරණ ආයතනය (06) දින සිටි නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ බව මධ්‍යම පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසිය.
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයක් යොදා ගනිමින් එම නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ කල බවත් , එම නිරෝධායන මධ්‍යස්ථානය ඇදන් 138 කින් සමන්විත බවද කිවේය.
එම නිරෝධායන මධ්‍යස්ථානයට මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් කිහිපදෙනෙකු මේ වන විට ඇතුලත් කර ඇති බවත්, මධ්‍යම පලාතේ හගුරන්කෙත , මහනුවර ,පැණිදෙණිය , පොල්ගොල්ල , තෙල්දෙණිය, ලග්ගල පල්ලේගම යන ප්‍රදේශවල මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, නුවරඑලිය වලපනේ සහ නුවරඑලිය කොත්මලේ මල්දෙණිය යන ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථානය ස්ථාපනය කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් අසාදිතයන් 1398 , නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් 628 , මාතලේ දිස්ත්‍රික්කයෙන් 187 වශයෙන් කොවිඩ් 19 වයිරසය අසාදනය වු අසාදිතයන් හමු වි ඇති බවත් , ඉන් වැඩි පිරිසක් මේ වන විට නිරෝධානය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා නිවාස වෙත පිටව ගොස් ඇති බවයි මධ්‍යම පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

2025 නොවැම්බර් මස 04
688
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බගවන්තලාවට නව නිරෝධායන මධ්‍යස්ථානයක්