(දයාරත්න ඇඹෝගම)
ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරන සතියට සමගාමීව උතුරු මැද පළාතේ දරුවන් මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කර මතින් නිදහස් රටක් උදෙසා පෙළ ගැස්වීමේ වැඩසටහනක් අද (27) අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ දී උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විද්‍යාත්මක හා ඵලදායි අයුරින් මත්ද්‍රව්‍ය භාවිතය කෙරෙහි සිසුන් තුළ කැමැත්ත ගොඩනැගීම අවම කරමින්, අනාගතයේ භාවිතයට යොමුකරවීමේ බලපෑම් අවම කරමින්, දැනටමත් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සිටීනම් ඔවුන්ගේ භාවිතයද අධෛර්යමත් කිරීම උදෙසා අවශ්‍යවන අවබෝධය වැඩිදියුණු කිරීමත් හා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා සිදුවන පෙළඹවීම හමුවේ එම පෙළඹවීම් වල අභ්‍යන්තර අරමුණු අවබෝධ කරගෙන ඒවා දුර්වල කිරීමේ කුසලතාව සහිත පාසල් වාතාවරණයක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.
මෙහිදී පාසල් පරිශ්‍රය මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කරන කලාපයක් බවට පත් කිරීම සිසුන් මත්ද්‍රව්‍ය,දුම්වැටි හා මධ්‍යසාර භාවිතයට හසු නොවීමේ කුසලතා වර්ධනය වන ආකාරයේ භෞතික පරිසරයක් පාසල තුළ තහවුරු කර සිසුන් තුළ අවබෝධයෙන් යුතුව තීරණගැනීමේ හැකියාව වර්ධනය කිරීම, සමාජයට අහිතකර දේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.
මෙයට සමගාමීව විද්‍යාලයේ සිසුන් විසින් මත් ද්‍රව්‍ය භාවිතයට පිළිබඳ ප්‍රදර්ශණාත්මක චිත්‍ර දැක්මක් ද ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් සෞඛ්‍ය ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුළු විදුහල්පතිවරු ගුරුවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කිරීමේ වැඩසටහනක්